නිල සංචාරයක් සඳහා ජනපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු 5 දෙනෙක් පත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහා ද මෙලෙස වැඩබලන අමාත්‍යවරු පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

අදාළ පත්කිරීම් පහතින්…

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න

ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා – මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here