ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ජනාධිපතිනිය ඇතුළු ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා පවත්වීමට නියමිත බැව් සඳහන්.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ද එක්වනු ඇති.

ජනාධිපතිවරයා ලබන 17 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here