2025 ජනවාරි මාසයේ මැද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සංචාරයක යෙදීමට නියමිතව තිබෙනවා.
ජනපති අනුර කුමාර දිසානයක මහතා ඊයේ (20) පස්වරුවේ මල්වතු මහ විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මේ බව සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේදී ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, කිසිවෙක් ප්‍රතික්ෂේප කරන සංවර්ධන මාවතක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.
ශ්‍රී ලංකාව රජයක් ලෙස සෑම රටක් සමඟම විවෘතව, ගනුදෙනු කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.