සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය මහජනතාවට දැනුම්දී සිටියි.
සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23 වැනිදායින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම තොරතුරු රැස්කිරීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන්නේ සංගණන අඥාපනත යටතේ පැවැරී ඇති බලතල අනුව බවත් කිසිදු ආකාරයකින් පුද්ගලික මට්ටමේ තීන්දු තීරණ ගැනීමට මෙම තොරතරු භාවිතා නොකරන බවද පැවසුවාය.