77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව පැවැත්විය යුතු බවයි.

නමුත් රටේ ආර්ථිකය බිඳ වැටුණු මට්ටමක පවතින බැවින් අදාළ උත්සවය අඩු වියදමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ස්වදේශ කටයුතු ශ්‍රවනාගාරයේදී අද (30) පැවැති 77 වැනි ජාතික නිදහස් දින සැමරුම් ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වෙමින්.

පෙර වසරේදී නිදහස් දින සැමරුම් දින උත්සවය සඳහා අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 107ක් වියදම් කර ඇති බැවින් මෙවර නිදහස් දින සැමරුම් උත්වසය එම වියදම් හැකිතාක් අවම කර ගනිමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, එමෙන්ම නිදහස් දින සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීමට අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here