ජා-ඇළ ශාන්ත ආනා ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ති‍බෙනවා.

පොලීසිය පැවසුවේ අද (24) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති අතර අදාළ නිවසේ ගේට්ටුවට සහ බිත්තිවලට හානි සිදුවී ඇති බව සදහන්.

මීට පෙර පසුගිය 15 වන දින රාත්‍රියේ ද මෙම නිවසට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

මේ සම්බන්ධයෙන් වන විමර්ශන ජාඇළ පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here