හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (05) කොළඹ ප්‍රධාන මහාධිකරණය විනිසුරු ආදිතය පටබැඳිගේ මහතා හමුවේදී ආරම්භ විය.

සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි යන චෝදනා යටතේයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ල වෙනුවෙන් අද දින සාක්ෂි සටහන් කර ගැනීම සිදු කළේ ය.

වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් 13 වැනි දා යළි කැඳවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here