හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා.

හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සියලුම මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දැනුම් දී තිබුණා.

ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් සමාගම් දෙක සහ තවත් සමාගමක් ඒ අනුව හිඟ සුරාබදු ගෙවා තිබෙනවා.

නොවැම්බර් 30 ට පෙර හිඟ සුරාබදු නොගෙවන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතා සියලු මත්පැන් නිෂ්පාදකයින් දැනුවත් කර තිබුණා.

එම දැනුවත් කිරීමට අනුව ඊයේ දිනයේ ද (30) සමාගම් කීපයක් හිඟ බදු ගෙවන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.

රටේ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගමක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින නිසා අධිකරණ නියෝග සම්බන්ධයෙන් අධ්‍යනයක් කර තීරණයක් ගැනීමට දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here