ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥා​ණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම නඩුවේ තීන්දුව අද (19) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර, එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී ඥා​ණසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි බවයි සඳහන් වෙන්නේ.

ඥා​ණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්​තේ තම සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 09 වනදා තෙක් කල් තබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here