අම්පාර නගරයේ කාර්මික ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි කැපීමට ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

අද (26) පාන්දර 2ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

තඹ කම්බි කැපීමට ගිය පුද්ගලයා විදුලි කණුවේ ඇලී සිටි අතර, පසුව නගරයේ විදුලිය විසන්ධිකර ඔහුගේ සිරුර බිමට බෑමට පොලීසිය කටයුතු කර තිබුණා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ, අම්පාර – නවගම්පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අම්පාර මුලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here