සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ තුන්වන දිනය අද පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 242ක් ලබාගෙන සිටියා.
නමුත් අද දිනයේ දී ලකුණු පුවරුවට තවත් ලකුණු 86ක් එකතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්වුණා.
ඒ අනුව ලකුණු 30ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කල දකුණු අප්‍රිකානු කණ්ඩායම තුන්වන දිනය අවසන් වනවිට කඩුළු 3ක් දැවී 191ක් ලබා සිටියා.
ඒ අනුව ඔවුන් ලකුණු 221ක් ඉදිරියෙන් සිටිනවා.
හෙට තරගයේ සිව්වන දිනයයි.