සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තා.
එහි දී රයන් රෙකිල්ටන් සිය මංගල ශතකය වාර්තා කරමින්, ලකුණු 101ක් රැස් කළ අතර මැදපෙළ පිතිකරු කයිල් වෙරියේන් (Kyle Verreynne) අගනා ශතකයක් වාර්තා කරමින් ලකුණු 105ක් රැස් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100 වැනි කඩුල්ල ද සමගින් ලහිරු කුමාර කඩුලු 04ක් බිඳ හෙළුවා.