දකුණු කොරියාවේ Muan ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Jeju ගුවන් සේවාවට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ Muan ගුවන්තොටුපොළ බලා අද අලුයම ගමන් කර තිබුණා.

යානය Muan ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදීගොස් එහි තාප්පයක ගැටී අනතුරට ලක්ව ඇති අතර අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here