සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයක පසුවෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 242ක් ලබාගෙන සිටිනවා.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 116ක් ඉදිරියෙන් සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 89ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 44 සහ ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 40ක් රැස් කරගෙන පිටියේ රැදී සිටිනවා.