උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු ඊයේ (27) දිනයේ සර්වජන බලය සමග එක්වුණා.
එම පක්ෂයේ කාර්යාල පරිශ්‍රයේ පැවති විශේෂ හමුවකදී පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අතින් ඔවුන් සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත් බවයි සඳහන් වන්නේ.
හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ උතුරු මැද පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක්ද, හිටපු අමාත්‍ය විමලවීර දිසානායකගේ පුත් අංජන දිසානායක ඇතුළු අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් ද මෙසේ සර්වජන බලය හා එක්වී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.