දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද (09) සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන්ම, අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 90ත් 180ත් අතර අගයක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

යාපනය හා පොළොන්නරුව නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වායු ගුණ තත්ත්ව දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවද එම සංවිධානය දැනුම් දෙයි.

තවද, දැනට පවතින තත්ත්වය අනුව, නුවරඑළිය, කලුතර හා හම්බන්තොට යන නගර වල පමණක් එය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here