දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා.

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු දෙමටගොඩ පොලීසියකට දුන් තොරතුරක් අනුව එම ස්ථානයට ගොස් සිදු කළ පරික්ෂාවේදී රෙදි කැබැල්ලක ඔතන ලද බිලිදිය දැක තිබෙනවා.

වහා ක්‍රියාත්මක වු දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා බිළිඳියව ක්ෂණිකව කොළඹ රිජියේ ආර්යා ළමා රෝහලට ඇතුල් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහෙත් ඒ වන විටත් බිළිඳිය මිය ගොස් සිටි බවට වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර දැනුම් දුන් බව පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here