සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 45 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Mark Chapman ලකුණු 42 ක් සහ Tim Robinson ලකුණු 41 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 2 ක් හා නුවන් තුෂාර සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 141 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී කුසල් පෙරේරා ලකුණු 48 ක් හා පැතුම් නිස්සංක ලකුණු 37 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Jacob Duffy කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.