නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ, නඩු භාණ්ඩ කාමරයේ තිබූ වටිනා දුරකථනයක් සොරකම් කර සිය පෙම්වතාට ත්‍යාග ලෙස ලබා දුන් අධිකරණ නිලධාරිනිය ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මෙනවිය නියෝග කර තිබෙනවා.
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ වටිනා දුරකථනයත් අස්ථානගතවීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ සේවයේ නියුතු කාන්තාවක් නඩු භාණ්ඩයක් වන වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දී ඇතිබවයි.
නඩු භාණ්ඩ කාමරයේ වටිනා දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධව පසුගිය (22) දින නුවරඑළිය පොලිසියට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන සහ පොලිස් සැරයන් 75607 රසික යන නිලධාරීන් විසින් දුරකතන දත්ත පරීක්ෂා කර ලබාගත් තොරතුරු අනුව අස්ථානගත වූ දුරකථනය භාවිතා කළ පුද්ගලයා සොයාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ සේවය කරණ සිය පෙම්වතිය විසින් අදාළ දුරකථනය සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.
ඉන් අනතුරුව නඩු භාණ්ඩ කාමරයේ තිබූ වටිනා දුරකථනය සොරා ගත්තා යැයි පවසන කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන (30) දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර කාන්තාව එළඹෙන 2025 ජනවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළියෙ මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මෙනවිය නියෝගයක් ලබා දී තිබේ.
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)