නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.

එම සංචිතයට නවක ක්‍රීඩක ඒෂාන් මාලිංග ඇතුළත් කර ඇති අතර, නුවනිදු ප්‍රනාන්දු ද සංචිතයට නම් කර තිබෙනවා. සධීර සමරවික්‍රමට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

තරග සංචාරයට විස්සයි විස්ස තරග 03 ක් හා එක්දින තරග 03ක් ඇතුළත් වන අතර, එක්දින තරගාවලිය ජනවාරි 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here