නව යුද හමුදාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම පත් කිරීම කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.
ඒ අනූව ශ්‍රී ලංකාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස, මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත් කර තිබේ.
ඒ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා හෙට විශ්‍රාම යෑමත් සමගයි.
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ද, හෙට විශ්‍රාම යෑමට නියමිතයි.