නව රජයට, මාධ්‍යයට වාරණ පැනවීමට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගම‍යේ නියෝජිතයින් පිරිසක් සමග  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

මාධ්‍ය සහ රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් රජය ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම ඉටු කරන අතර මාධ්‍යයට වාරණ පැනවීමට රජයට කිසිදු අදහසක් නොමැති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here