නිවසක සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් තිබෙනවා.
ඊයේ (05) රාත්‍රියේ පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වුණා.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වන බාලයාවැව, බෝගහවැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම වෙඩිතැබීම සඳහා ටී56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකකරනවා.
වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.