නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි වනසේ පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා නීති සංශෝධනය කරන්නැයි අමාත්‍ය මණ්ඩලය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා .
2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් මෙම ඡන්දය පැවැත්වීමට හැකි වන පරිදියි අදාළ නීති සංශෝධනය සිදුකෙරෙන්නේ.
2024 වසරේ ඡන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන චන්ද විමසීම පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (11)දින කැඳවනු ලැබුවා .
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයායි මෙම දැනුම් දීම සිදුකළේ.
අනතුරුව මෙම පෙත්සම ජනවාරි මස 29 වනදා කැඳවීමටද නියම වී තිබෙනවා .