මෙරටට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර සහල් තොගය ප්‍රතිඅපනයනය කිරීමට නියෝග කළ බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එය මෙරටට සහල් එවූ සමාගමේ වරදක් බව නිරීක්ෂණය වී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ.

ඒ අනුව එම සමාගමෙන් යළි මුදල් අය කර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එම සහල් තොග ගෙන් වූ ආනයනකරු අසාදු ලේඛනගත කිරීමක් නොකරන බව ද සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

පෞද්ගලික ආනයනකරුවන් ගෙන් වූ කොළඹ වරායේ පැවති බහාලුම් 3ක තිබී ප්‍රමිතියෙන් තොර එම සහල් තොගය සොයා ගැනුණි.

ඒවායේ පැවති සහල් ප්‍රමාණය, කිලෝග්‍රෑම් 75,000 කි.

එක් බහාලුමක තිබූ සහල් ඇසුරුම්වල නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වූ දිනයට උඩින් ස්ටිකරයක් අළවා එම දින වෙනස් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කළේ, අනෙක් බහාලුම් දෙකේ තිබූ සහල්වල කෘමි සතුන් නිරීක්ෂණය වූ බවයි.

මේ වනවිට මෙරටට ආනයනය කළ සහල් තොග, මෙට්‍රික්ටොන් 6500කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here