අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27 වන සිකුරාදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, දේහය පිළිබඳ අවසන් කටයුතු එදින පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
දේහය අද (25) පෙරවරු 8.30 සිට අංක 154/1 පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තැන්පත් කර ඇති බවද සඳහන්.
හෙට (26) පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කෙරෙන ඒ මහතාගේ දේහය එදින පස්වරු 6.00 සිට 27 වැනිදා පස්වරුව දක්වා බොරැල්ල ජයරත්න ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රියා සූරියසේන මහතා ඊයේ (25) උදෑසන අභාවප්‍රාප්ත වුණා.
1944 වසරේ ඔක්තෝබර් මස 27 වන දින උපත ලැබූ ඒ මහතා මිය යන විට 80 වන වියේ පසු වුණා.