ඊයේ (12) දහවල් ඉංගිරියේ පාසල් දෙකක 16 හැවිරිදි සිසුන් පිරිසක් ඉංගිරිය වත්තේ කසිප්පු තිප්පොළකින් ගත් කසිප්පු පානය කර මත් වී ඉංගිරිය කටහය නාන තොටුපළ අසල මහ පාරේ නිදා සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසියට රැගෙන විත් මත් ගතිය වැඩි සිසුන් දෙදෙනකු රෝහල් ගත කිරීමට කටයුතු කළ බව ඉංගිරිය පොලිසිය පවසනවා.

තවද ඉතිරිවූ කසිප්පු පැකට් පහක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

කසිප්පු තිප්පොළෙන් ගත් කසිප්පු පැකට් අරගෙන ඉංගිරිය ඇලබඩ පාර කටහය නාන ගොටුපලට ගොස් කසිප්පු පානය කළ බවත් නෑමට සුදානම් වූ අවස්ථාවේ මිතුරන් දෙදෙනෙකුට කසිප්පු මත වැඩි වී මහ මාර්ගයේ නිදා ගත් බව ඔවුන් පොලිසියට පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here