පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසමට යොමු කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ද ඒ සමඟ යොමු කර ඇති බව මැතිවරණ කොමිසම පැවැසීය.

පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කියා සිටියේය.

එම කටයුතු සිදුවූ වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව කී ඒ මහතා පළාත් පාලන මැතිවරණය ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කළ හැකි බව ද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here