ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙන් වෙන්ව තරඟ කළ යුතු බවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන්ගේ පක්ෂ එම සංධානය නියෝජනය කරනු ඇති.

පසුගිය දින කිහිපයේ ඔවුන්ගේ දේශපාලන මණ්ඩල සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්ව ඇති අතර, එහිදී මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එහිදී යෝජනා කර ඇත්තේ, වෙන් වෙන්ව පළාත් පාලන ඡන්දයට තරග කර පසුව සමගි ජන සන්ධානය සමග එකතුවීමෙන් ලබාගත හැකි මන්ත්‍රි ධූර සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.

ඒ පිළිබඳ අවසන් තීරණයට නුදුරු දිනයකදීම එළබෙන බව වැඩිදුරටත් වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here