ලබන පෙබරවාරි  මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ, මේ අනුව  මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙමින් සිටින බවයි.

දූෂණ විරෝධී නව පනතේ 82(අ) වගන්තිය ප්‍රකාරව සියලුම මන්ත්‍රීවරුන්  එම මන්ත්‍රී ධූරවලට පත් වී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වනවා.

මන්ත්‍රීවරුන් සාමාන්‍ය පරිදි සෑම වර්ෂයකම  ජුනි මස 30 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ  බාරදිය යුතුයි.

අලූත් පාර්ලිමේන්තුවට පත්වූ සියලුම මන්ත්‍රීවරුන්ට පෙබරවාරි 15 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ මෙසේ ඉදිරිපත් කිරීමට සිදුවන හෙයින් නැවතත් ජුනි මාසයට  එම ප්‍රකාශ ලබා ගන්නේදැයි තවමත් නිශ්චිතව තීරණයක් ගෙන නැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here