සතොස අලෙවි සැල් ජාලය හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට අද(05) සිට අලෙවි කිරීමට කටයුතු සලස්වා තිබේ.

සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ වරකට එක් පාරිභෝගයකට පොල් ගෙඩි තුනක් හා සහල් කිලෝ පහක් බැගින් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

කොළඹ අවට සතොස ශාඛාවලින් අද දිනයේ සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල හෙට දිනයේ සිටත් මෙම ප්‍රමාණයන්ගෙන් පොල් සහ සහල් මිලදී ගත හැකි බවද හෙතෙම කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here