පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 3000ක් ලබා දීමට අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, මුදල් නොමැතිවීම හේතුවෙන් මාස 3කට අධික කාලයක් එම දීමනා ගෙවීම සිදු නොවූ බවයි.

රුපියල් 28500කට අවමයකට යටත්ව එම දීමනාව සෑම පොලිස් නිලධාරීයෙකුට ලැබෙනු ඇති.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරීය මහතා සඳහන් කළේ, ඉදිරි සතිය ඇතුළත එම හිඟ මුදල් ගෙවීම් ආරම්භ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here