අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

කොල්ලුපිටිය හන්දියේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ලොහාන් රත්වත්තේ මහතා පැද වූ ඩිෆෙන්ඩර් රථය, මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබුණි.

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here