බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4000 කට අධික සංඛ්‍යාවක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසනවා.

ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂය​යන්ට අදාළ ගුරු හිඟය උග්‍ර බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ.

මීට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවද ඇය සඳහන් කළා.

මීට පිළියමක් ලෙස පේරාදෙණිය හා කොළඹ විශ්ව විද්‍යාලවලින් පිට වූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමටත්, දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් පිරිසක් ද සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමටත් සැලසුම් කර ඇති බවයි ප්‍රධාන ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here