බිංගිරිය කම්හල් පරිශ්‍රයක් තුළ ඊයේ (30) දින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එහිදී සැකකරුවන් දෙදෙනා හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. සී. ඒ. සලාම් මහතා නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙදෙනා ජනාවාරි මස 7වන දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමටය.

එම දිනයේ දී සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here