තව දුරටත් වෙළඳපොළේ බිත්තර මිලේ අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (21) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වනවිට වෙළඳපොළේ බිත්තර මිල රුපියල් 28ක් දක්වා පහත වැටී ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

උත්සව සමයේ දී වෙළඳපොළේ බිත්තර මිල වැඩිවෙතැයි අපේක්ෂාවෙන් තොග රැස්කරගෙන සිටි පුද්ගලයින් එම බිත්තර තොග වෙළඳපොළට නිකුත් කිරිමත් සමඟ ඉදිරියේ දී තව දුරටත් බිත්තර මිල අඩුවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම උත්සව සමයේ දී බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාගත හැකි බව ද ඔහු මෙහිදී පැවසුවා.

මේ අතර සත්ව ආහාර මිල ඉහළ යාමත් බිත්තර විකිණුම් මිල අඩු අගයක පැවතීමත් තුළ තමන් දැඩි ගැටලුවක මුහුණ දී ඇති බවයි කුකුල් නිෂ්පාදකයින් පවසන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here