ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යන යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසනවා.

ඒ අනුව, මේ වනවිට පරිශිලකයින්ට කිසිඳු ගැටළුවක් තොරව එම යෙදවුම් වෙත පිවිසිය හැකියි.

ලොව බොහෝ රටවල පරිශීලකයින්ට WhatsApp, Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශ වීමේ අවහිරතා මතුව තිබු අතර මෙටා සමාගමේ සියලු යෙදවුම් පැය ගණනාවක් බිඳ වැටී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බව X පණිවිඩයක් නිකුත් කරමින් මෙටා සමාගම දැනුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් එම සමාගම පරිශිලකයින්ගෙන් සමාව ද අයැද සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here