ලබන වසරේ අප්‍රේල් 01 වැනි දින සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොරතෙල් නැව් තොග 06ක් මිලදී ගැනීම වෙනුවෙන් දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම කාලය තුළ මර්බන් වර්ගයේ බොරතෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම පිණිස ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් ලංසු කැඳවා තිබුණා.

ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත් කර තිබූ අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව M/s Aditya Biral Global Trading (Singapore) Pte.Ltd වෙත පිරිනැමීමට බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමිව ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here