පාතාලයත්, කුඩු ජාවාරමත් මර්දනය කිරීමට රජයක් ලෙස අනිවාර්යයෙන්ම කැපවෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එහෙත් ෂෝ එකක් දමා සති හෝ සති දෙකේ මෙහෙයුම් මඟින් එය සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවත් එය සියලු ආරක්ෂක අංශ සම්බන්ධ කරගෙන ක්‍රමානුකූලව සිදු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.
මේ වන විට ඊට අදාළව මූලික පියවර කිහිපයක් ගෙන තිබෙන බව පැවසූ ඒ මහතා එහිදී ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම නොව ප්‍රතිඵලය සාකච්ඡා කිරීම වැදගත් බව කියා සිටියේය.