දියර වේදනා නාශකයක් පානය කළ කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ පදිංචි අවුරුදු දෙකයි මාස හතක් වූ පිරිමි දරුවෙක් බවයි, පොලිසිය සඳහන් කළේ.

නිවසේ තිබූ දියර වේදනා නාශකයක් පාන කිරීමෙන් දරුවාට අධික අසාද්මිකතාවක් ඇති වූ බව සඳහන්.

ඉන් අනතුරුව මුන්දලම රෝහලට ඇතුලත් කෙරුණු දරුවා  පසුව හලාවත මහ රෝහලින් කොළඹ රිජ්වේ ළමා රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඥාතී නිවසකට යාම සඳහා මව්පියන් දරුවන් තිදෙනා සුදානම් කරමින් සිටියදී කුඩා දරුවා කිසිවකුට නොදැනෙ ලෙස උස් ස්ථානයක තබා තිබු මවගේ පාදයක ආබාධයකට ගෙන ආ දියර සහිත වේදනා නාශකයක් රැගෙන පානය කර තිබෙනවා.

එහි මුඩිය ඉවත් කරමින් සපමින් සිටිනු දුටු පියා එකවර එය උදුරා ගෙන ඉවත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මව්පියන් පුතු පරික්ෂා කිරීමේදි අදාළ වේදනා නාශක දීයරය පෙවීමක් සිදුවු තහවුරුවී නොමැති නමුත් පාලවිය ප්‍රදේශයෙ ඇති පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයකුටද දරුවා පෙන්වා තිබෙනවා.

ඉන් අනතුරුවයි, මුන්දලම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here