දිවයිනේ සියලු‍ පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (26) දින ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කෙරුනු මෙම අති විශේෂ ගැසට්‌ නිවේදනය ප්‍රකාරව අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් වේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙලෙස සන්නද්ධ හමුදා කැඳවා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here