මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදියි ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමුකර තිබෙන්නේ.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය ලෙස මේ වන විට මාසිකව රුපියල් 5000 බැගින් ලබා දෙනවා.

එය ලබන අප්‍රේල් මාසයේදී රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මීට පෙර යෝජනා කර තිබුණා.

එහෙත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ නැහැ.

රුපියල් 5000 බැගින්  මහපොළ ශිෂ්‍යාධාරය ලබා දීමට මේ වන විට වාර්ෂිකව රුපියල් කෝටි 300ක් පමණ වැය වනවා.

එය රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමේදී අමතර රුපියල් කෝටි 200ක පමණ මුදලක් වෙන් කිරීමට සිදුවනවා.

කෙසේ වෙතත් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අපේක්ෂාවයි.

ඒ සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙනවා.

මහපොළ දීමනා ලබා ගැනීම සහ මහපොළ ශිෂ්‍යත්වය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් සිසුන් දස දහසක් පමණ සුදුසුකම් ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here