හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ(28) පැය 04 ක ප්‍රකාශයක් ලබාදුන්නා.

මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මොහුට දැනුවත් කර තිබුණද ඔහු එහි පැමිණ තිබුණේ නැහැ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂටද අයතා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ලබන වසරේ ජනවාරි මස 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here