පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාරදීමට ලබාදී තිබූ කාලය පසුගිය දෙසැම්බර් මස 06 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

එම කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කරන ලද අපේක්ෂකයින් 8,361 දෙනාගෙන් 7,412 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාරදී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here