මහ මැතිවරණයට අදාළව තරග කළ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොට්ඨාස 22 ක් සඳහා තරග කළ අපේක්ෂකයින් 8361 ක් අතරින් අපේක්ෂකයින් 7412 ක් ආදායම් වියදම් වාර්තා ලබාදී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.
එසේම මහ මැතිවරණය සඳහා තරග කළ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 690 ක් අතරින් 493 ක් සිය ආදායම් වියදම් වාර්තා ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ වාර්තාව පහතින්,