මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසනවා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවසුවේ, ලින්නෝ කිලෝග්‍රෑමයක් රුපියල් 2200 කට අලෙවි වන බවයි.

තලපත් කිලෝග්‍රෑමයක් ද රුපියල් 2200 කටත් අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ.

තෝරා මාළු කිලෝග්‍රෑමයක් අද (21) දිනයේ රුපියල් 2500 කට අලෙවි කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here