මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු පොලිසියට ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතීමය පියවර ගනු ඇති බවයි.

මහමැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ අපෙක්ෂකයින්ගේ නම් ලැයිස්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යල වල ප්‍රදර්ශනය කර ඇතැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here