පාර්ලිමේන්තු මැති – ඇමතිවරුන්ට දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීම ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවයි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා සඳහන් කළේ.

ඇතැම් මැති – ඇමතිවරුන්ට තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව සියලු කරුණු විමසා බලා, ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කරන බව, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here