මිග්යානා ගණුදෙනුවට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන වසරේ මැයි 7 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මිග් යානා මිලදී ගැනිමේ දී වංචා සිදුවූ බවට වන මෙම නඩුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග යන අය නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔහුගේ විදෙස් ගමන් තහනම ඉදිරි නඩු දින දක්වා ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට ද අධිකරණය අවසර ලබාදුන්නා.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කර සිටින සිංගප්පුරු ජාතිකයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දැක්වුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here