මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි 27ක කණ්ඩායම අද (16) දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අතර කාන්තාවන් අට දෙනෙකු ද සිටි බවයි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 405 යානයෙන් පැමිණි මෙම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු කර ඇති බව සඳහන්.

තවත් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසට අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

නව රජය පත් වීමෙන් පසු මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here